Sunday, March 29, 2020

කොරෝනා මර්ධනයෙදි ලංකාව බ්‍රිතාන්‍යයට වඩා ඉදිරියෙන්. බ්‍රිතාන්‍ය සංචාරකයා BBC හරහා ලොවට කියයි

(Image from BBC.com)



 කොරෝනා මර්ධනය සඳහා බ්‍රිතාන්‍යට වඩා ශ්‍රී ලංකාව හොදින් සංවිධානයවි ඇතැයි ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉංග්‍රිසි ජාතිකයෙකු අනාවරණය කළා. BBC ප්‍රවෘත්ති සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ග්‍රේම් ඇබට් සති 3ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. නමුත් මතුවු තත්වයත් සමඟ සති 2කදි සිය සංචාරය නිම කර සිය මවුරටට යැමට ඔහුට සිදුවුනා.බ්‍රිතාන්‍යයේ සිය නිවසේ සිටයි ඔහු BBC පුවත් සේවය හා සජීවි සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වුයේ.

සාකච්ඡාව අතරතුර ප්‍රශ්ණයක් නඟමින් මාධ්‍යවේදීනිය විමසා සිටියේ, ඔහු සිතන ආකාරයට කොරෝනා වෛරසයට මුහුණ දිම සදහා බ්‍රිතාන්‍යය සහ ලංකාව අතරින් වඩා හොඳින් සුදානම් රට කුමක්දැයි විමසා සිටියා.
ඒ සඳහා ග්‍රේම් ඇබට් ක්ෂණිකව පිළිතුරු දෙමින් කියා සිටියේ "ශ්‍රී ලංකාව වඩා හොඳින් සුදානම්" යැයි තමන් සිතන බවයි.

තමන් ශ්‍රී ලංකාවට පියාසර කරමින් සිටියදි ගුවන් යානය තුළදිම පිරවිමට පොරමයක් ලබාදුන් බවත් ඒ හරහා තමන් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබාන විට තමන් පිළිබඳ සියළු තොරතුරු පිළිබදව ගුවන් තොටුපොළ බළධාරීන් දැනුවත්ව සිටිබව ඔහු සදහන් කළා.

එමෙන්ම ගුවන් තොටුපලේ ස්කෑන් යන්ත්‍ර, උෂ්ණත්ව පරික්ෂණ යන්ත්‍ර ආදියෙන් සමන්විත වු අතර ගුවන්තොටුපළේ සිට හොටලය සඳහා යැමට අවසර ලැබිම සඳහා පරික්ෂණ රාශියකට භාජනයවිමට සිදුවු බව සඳන් කල ඇබට්, කොළඹ ගුවන් තොටුපළ නිළධාරීන් පවා අත්වැසුම්, මුව ආවරණ පැළඳ ආරක්ෂක උපකරණවලි සන්නද්ධව සිටියද ලන්ඩනයේ හීත්‍රො ගුවන් තොටුපොළෙදි එවැනි ආරක්ෂක පියවර අනුගමනය කරනු දකින්නට නොලැබුනු බව ප්‍රකාශ කළා.

▶️BBC Video 

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.