වන විනාශයකින් ආණ්ඩුව අළුත් අවුරුද්දට වැඩ අල්ලා ඇතැයි පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව අනාවරණය කරමින් ඒ මහාතා එලෙස සදහන් කලා.
Monday, April 16, 2018
Wednesday, April 4, 2018
එකාබද්ධය අසරණ වෙයි. වැඩි වාසි එජාපයට
- ශ්‍රිලනිපය අවිනිශ්චිතයි
- වැඩි ජන්ද 44කින් දිනනවා -එජාපය
- හුළං බැහැපු විශ්වාස භංගයක් -හකීම්
මේ වනවිට විවාදයට ගෙන තිබෙන විශ්වාස භංග යෝජනාවෙන් තිරණාත්මක වෙනසක් සිදුවෙතැයි බොහෝදෙනා දැඩි බලාපොරොත්තුවකින් පසුවුනත් මේවන විට සියල්ල කනපිට හැරි ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
විශේෂයෙන් විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා ජයගත්තද ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ප්‍රකාශ කරත් මේ වනවිට එහි බෝහෝ මන්ත්‍රිවරු ජන්දය දිමෙන් වැළකිමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්දය දීමෙන් වැළකී සිටින බව ඒ.එච්.එම් ෆවුසි මහතා ප්‍රකාශ කලා. නමුත් එම පක්ෂයේම අමත්‍ය මහින්ද යාපා පැවසුවේ ශ්‍රිලනිපය අගමැතිට විරුද්ධව ජන්දය දෙනු ඇති බවයි.
එමෙන්ම මෙවනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙත දැඩි වාග් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. පවතින තත්වය තුළ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දැඩි ලෙස අසරණවී ඇති බවයි අප වාර්තාකරු සදන් කලේ.
රාත්‍රියේදි නොව දැන් වුවත් ජන්ද විමසිම පවත්වන ලෙස ගයන්ත කරුණාතිලක අමත්‍යවරයා එකාබද්ධ විපක්ෂයට අභියෝග කලා. එජාපය විශ්වාස භංගයෙන් ඉහළින්ම ජයගන්නා බවයි එතුමා ප්‍රකාශ කලේ.
විවාදයට එක්වෙමින් රවුෆ් හකිම් අමත්‍යවරයා සදහන් කලේ තමන් බොහෝ විශ්වාස භංග දැක ඇතත් ආරම්භයෙදිම හුළං ගිය මෙවැනි විශ්වාස භංගයක් කිසි කලක දැක නොමැති බවයි.
අගමැතිව රැකගන්නවා - මුස්ලිම් කොන්ග්රසය
Monday, April 2, 2018
කෝටි 5500ක අළුත්ම ගැහිල්ල
රජයේ තිරණයක් නිසා තවත් මහා පරිමාණ මුල්‍ය පාඩුවක් ජනතාවට දරාගැනීමට සිදුවන පුවතක් වාර්තා වෙනවා. විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික සමාගම් තුනකට වසර 3ක් සදහා රුපියල් කෝටි 5500ක් ගෙවමින් විදුලිය මිලදි ගැනිමට තිරණය කර තිබෙනවා. හදිස්සියේ විදුලි හිගයක් ඇති වුවහොත් ඊට මුහුණ දිම සදහා මෙලෙස විදුලිය මිලදි ගැනිමට සුදානම් වන බවයි පැවසෙන්නේ. මෙම පෞද්ගලික බලාගාර තුනම මේ වනවිට වසාදමා තිබෙන බලාගාර වීම විශේෂත්වයක්.
Sunday, April 1, 2018
චීන මරාලයෙන් ලංකාව 99න් බේරෙයි
කඩා වැටිමට නියමිත චීනයේ ටියැන්ගොන්ග්-1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් පහතින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
Subscribe to:
Posts (Atom)