Sunday, March 29, 2020

කොරෝනා මරණවලින් ජනගහනය වෙනස් නොවේ



කොරෝනා වසංගතය හේතුවේන් ලෝක ජනගහනයේ වෙනස් නොවනු ඇතැයිද ඇත්තෙන්ම ලබන වසරේ ජනගහන වර්ධනයක් අපේක්ෂා කළ හැකිවනු ඇතැයිද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රවේණි විද්‍යා මහාචාර්ය සාරා හාපර් පවසනවා.

මේ දිනවල ලෝකයේ අර්ධයකට වඩා ලොක් ඩවුන් කර ඇති අතර එසේ නොමැති ප්‍රදේශවල පවා ජනතාව නිවසේ සිට රැකියා කිරිමට (work from home) යොමුකර ඇති නිසා මේ දිනවල ලිංගික සම්බධතාවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි මහාචාර්යවරිය සදහන් කරන්නේ.  එමෙන්ම ලෝකයේ මේ වන විටත් කොන්ඩම් හිගයක් පවතින අතර හිඟයක් නොමැති ප්‍රදෙශවලදි පවා ජනතාවට කොන්ඩම් මිලදි ගැනිම දුෂ්කරවි තිබෙන්නේ ලොක්ඩවුන් ක්‍රියාදාමය හෙතුවෙන්.

" මේ නිසා ජනතාව උපත් පාලනය පිළිබඳ තැකිමකින් තොරව ලිංගික සබඳතා කෙරෙහි යොමුවෙන්න පුළුවන්. ලෝකයේ සාමන්‍යය ජනගහන වර්ධන වේගය 1.2ක්. නමුත් ලබන වසරේ මෙය 2% ඉක්මවා යා හැකියි. එහෙම වුනොත් ඇත්තටම ජනගහනයේ අඩුවිමක් වෙනුවට වර්ධනයක් විය හැකියි. හැබැයි ඒක රඳාපවතින්නෙ covid 19 නිසා කොපමණ මරණ ගණනක් සිදුවෙනවද, අප කොතරම් සාර්ථකව covid 19 වෙත මුහුණ දෙනවද කියන එක මතයි."

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රථම ප්‍රවේණි විද්‍යාව පිළිබඳ  මහාචාර්යවරිය පවසනවා.

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.