Saturday, March 28, 2020

කොරෝනා දිනෙන් දින දරුණු වේ





ලෝකයේ සැම රටක්ම කොරෝනා වසංගතයට එරෙහිව දැඩි සටනක යෙදුනද.. කොරොනා  වෛරසය තවදුරටත් ලෝව පුරා පැතිර යමින් පවතින්නෙ  දිනෙන් දින ආසාධිත ප්‍රමාණය මෙන්ම මරණ ගණනද ඉහළ දමමින්.

මේ වනවිට නිකුත්ව ඇති නවතම සංඛ්‍යා දත්‍ත අනුව පැහැදිලි වන්නෙ මානව වර්ගයාම තවදුරටත් දරුණු අනතුරක පසුවන බවයි. නමුත් තවමත් ඇතැම් පුද්ගලයන් මෙන්ම ඇතැම් රාජ්‍යය නායකයන් පවා මෙම වෛරසය අවතක්සෙරු කරමින් සිටිම කණගාටුවට කරුණක්..

ඇමරිකාවේ Johns Hopkins විශ්වවිද්‍යාලයේ පරික්ෂකයින් අද (28) නිකුත් කළ දත්ත අනුව මේ වනවිට ලෝව පුරා කොරෝනා ආසාධිතයන් ලක්ෂ 6 කඩඉම පසුකර තිබෙනවා. ඒ අනුව සමස්ත කොරොනා ආසාධිතයන් ගණන 601,478ක්. එමෙන්ම කොරොනා හෙතුවෙන් මියගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවා තිබෙනවා.




(Image from bbc.com)


මිට පෙර පර්‍යෙක්ෂකයින් පළකල අනාවැකි සනාථ කරමින් ඇමරිකාවේ කොරෝනා ආසාධිතයන් ගණන එක් ලක්ෂ පන්දහස (105,000) දක්වා ඉහළ නැග තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් තවමත් තත්වය අවතක්සෙරු කරමින් පවතින බවයි ඇමරිකාවේ විපක්ෂ දෙශපාලකයින් මෙන්ම ආණ්ඩුකාරවරුන් පවා චොදනා කරන්නෙ.

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.