Wednesday, April 4, 2018

එකාබද්ධය අසරණ වෙයි. වැඩි වාසි එජාපයට


  •  ශ්‍රිලනිපය අවිනිශ්චිතයි
  • වැඩි ජන්ද 44කින් දිනනවා -එජාපය
  • හුළං බැහැපු විශ්වාස භංගයක් -හකීම්


මේ වනවිට විවාදයට ගෙන තිබෙන විශ්වාස භංග යෝජනාවෙන් තිරණාත්මක වෙනසක් සිදුවෙතැයි බොහෝදෙනා දැඩි බලාපොරොත්තුවකින් පසුවුනත් මේවන විට සියල්ල කනපිට හැරි ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

විශේෂයෙන් විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා ජයගත්තද ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ප්‍රකාශ කරත් මේ වනවිට එහි බෝහෝ මන්ත්‍රිවරු ජන්දය දිමෙන් වැළකිමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්දය දීමෙන් වැළකී සිටින බව ඒ.එච්.එම් ෆවුසි මහතා ප්‍රකාශ කලා. නමුත් එම පක්ෂයේම අමත්‍ය මහින්ද යාපා පැවසුවේ ශ්‍රිලනිපය අගමැතිට විරුද්ධව ජන්දය දෙනු ඇති බවයි.

එමෙන්ම මෙවනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙත දැඩි වාග් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. පවතින තත්වය තුළ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දැඩි ලෙස අසරණවී ඇති බවයි අප වාර්තාකරු සදන් කලේ.

රාත්‍රියේදි නොව දැන් වුවත් ජන්ද විමසිම පවත්වන ලෙස ගයන්ත කරුණාතිලක අමත්‍යවරයා එකාබද්ධ විපක්ෂයට අභියෝග කලා. එජාපය විශ්වාස භංගයෙන් ඉහළින්ම ජයගන්නා බවයි එතුමා ප්‍රකාශ කලේ.

විවාදයට එක්වෙමින් රවුෆ් හකිම් අමත්‍යවරයා සදහන් කලේ තමන් බොහෝ විශ්වාස භංග දැක ඇතත් ආරම්භයෙදිම හුළං ගිය මෙවැනි විශ්වාස භංගයක් කිසි කලක දැක නොමැති බවයි.

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.