Monday, April 2, 2018

කෝටි 5500ක අළුත්ම ගැහිල්ල

රජයේ තිරණයක් නිසා තවත් මහා පරිමාණ මුල්‍ය පාඩුවක් ජනතාවට දරාගැනීමට සිදුවන පුවතක් වාර්තා වෙනවා. විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික සමාගම් තුනකට වසර 3ක් සදහා රුපියල් කෝටි 5500ක් ගෙවමින් විදුලිය මිලදි ගැනිමට තිරණය කර තිබෙනවා. හදිස්සියේ විදුලි හිගයක් ඇති වුවහොත් ඊට මුහුණ දිම සදහා මෙලෙස විදුලිය මිලදි ගැනිමට සුදානම් වන බවයි පැවසෙන්නේ. මෙම පෞද්ගලික බලාගාර  තුනම මේ වනවිට වසාදමා තිබෙන  බලාගාර වීම විශේෂත්වයක්.





කෙසේවෙතත් අනාගතයේ ඇතිවිය හැකි විදුලි ඉල්ලුම සපුරාලීම හා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් තවත් ගල් අගුරු බලාගරයක් ඉදිකිරිමටයි කලින් සැලසුම් කර තිබුනේ. නමුත් නව රජය පත්විමෙන් පසු පරිසර හානි වනබව කියමින් එම සැලසුම අවලංගු කරා. මෙහිදි බෝහෝ දෙනා විමතිය පලකලේ විල්පත්තු ඇතුළු මහා පරිසර විනාශ හමුවේ නිහඩව සිටින රජය පරිසරය ගැන පවසමින් විදුලි බලාගාර ප්‍රතික්ෂේප කිරිම අදහාගත නොහැකිබව කියමින්. නව බලාගාර ඉදිනොකළ හොත් අනාගතයෙදි පෞද්ගලික විදුලී මාෆියාවෙන් අධික මුදලට විදුලිය මිලදී ගැනිමට සිදුවන බව එදා බලශක්ති විශේෂඥයින් අනවැකි පල කලා.

වසාදමා ඇති බලාගාර තුන සදහා කෝටි 5500ක් ගෙවනු ලබන්නෙ මූලික පිරිවැය ලෙස බවයි වාර්තා වෙන්නෙ. එනම් බලාගාර සදහා ගෙවන මුදල් මීට වඩා වැඩිවිය හැකි.

මෙම බලාගාර තුනෙන් මීට වසර 10කට 15කට පෙර ලං.වි.ම ගිවිසුම්ගතව විදුලිය මිලදීගත් අතර මිට වසර දෙකකට පෙරද මාස 6ක් විදුලිය මිලදී ගෙන තිබෙනවා. එම ගිවිසුම් ප්‍රකාරව බලාගාර තුනට ගෙවිය යුතු සියලු මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.

එම ගිවිසුම් අනුව කාලය නිමවූ පසු එම බලාගාර ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගත යුතු නමුත් එසේ නොකර විදුලි බල පනත පවා උල්ලංඝණය කරමින් එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම ගැටළු සහගත බව ද ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි. 

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.