Sunday, April 1, 2018

චීන මරාලයෙන් ලංකාව 99න් බේරෙයි

කඩා වැටිමට නියමිත චීනයේ ටියැන්ගොන්ග්-1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් පහතින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.


2011 වසරේදී අභ්‍යාවකාශ ගත කල මෙම ටියැන්ගොන්ග්-1 අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මේ වනවිට අක්‍රිය වී චීනයේ පාලනයෙන් ගිලිහී තිබෙනවා. 


මෙතෙක් කර ඇති ගණනය කිරිම් අනුව මෙම මධ්‍යස්ථානය ලංකාව පසුකර සුළු මොහොතකින් කඩාවැටිම හැකිබව පැවසු ජයරත්න මහතා
(02) හෙට අලුයම 04.55 මැලේසියාවට ආසන්නව උතුරට බරව පැසිෆික් මුහුදට කඩා වැටෙනු ඇතිබවට පුරොකථනය කර ඇතැයි වැඩිදුරටත් සදහන් කළා.



මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කළත් එහි ප්‍රධාන කොටස ලංකාවට කඩා වැටෙන්නෙ නැති බැවින් ශ්‍රී ලාංකිකයන්ට බියවිමට හේතුවක් නැතැයිද ආචාර්‍යය චන්දන ජයරතන මහාතා ප්‍රකාශ කළා. කෙසේවෙතත් වායු ගෝලීය බලපෑම් වල වෙනස් වීම මත කඩාවැටෙන ස්ථානය නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකි බවයි ඒ මහාතා සදහන් කළේ.

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.