නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව අනාවරණය කරමින් ඒ මහාතා එලෙස සදහන් කලා.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව මෙන්ම පරිසරික පනතට අනුව ද මෙවැනි බෙදීමක් කළ නොහැකි බවත් පාංශු සංරක්ෂණ පනතට අනුවද මෙම ප්‍රදේශය සංවේදි ප්‍රදේශයක් බවයි ඒ මහතා සදහන් කරේ.
මේ අනුව ආණ්ඩුව විල්පත්තුවේන් නොනැවති රට පුරා මහා පරිසර විනාශයක නියැලෙමින් සිටින බව පැහැදිලි වෙනවා. බස්නාහිර පළාතේ සුවිශේෂි පාරසරික මර්මස්ථානයක් වු මුතුරාජවෙලද ආණ්ඩුවේ ආශිර්වාදයෙන් විනාශ කොට අවසන්. මහනුවර උඩවත්ත කැලය, නුවරඑළිය කටුමාන කැලය ඇතුළු තවත් වනාන්තර රාශියක් විනාශ කිරිමටද පිඹුරුපත් සැකසි අවසන්. විශෙෂයෙන් සුළුජාතික බහුතර ප්‍රදේශවලදි නිවාස වියාපෘති සදහාද අනෙකුත් ප්‍රදෙශවලදි ආණ්ඩුවට හිතවාදි ව්‍යාපරිකයන්ගේ වියාපෘති සදහාද මෙලෙස වනාන්තර විනාශ කරමින් පවතිනවා.
විල්පත්තු ඇතුළු වනාන්තර විනාශයෙදි ජනතාව දක්වන ඇල්මැරුනු ස්වභාවය ආණ්ඩුවට ආශිර්වාදයක් වි ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පවසනවා. ටික කලකට ඉහතදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ද සදහන් කර සිටියේ කැලෑ කැපිමට ජනතාවගේ විරුද්ධත්වයක් නැති බවයි. අලින්,වදුරන් ඇතුළු සතුන්ගෙන් පිඩාවට පත්ව සිටින ජනතාව තමන් හමුවුවිට කැලය කපා සංවර්ධන වියාපෘති ආරම්භ කරන මෙන් ඉල්ලිම් කරනබවද ඔහු සදහන් කලා. එමෙන්ම නැවත යුද්ධයක් ඇති නොවිමට නම් සුළු ජාතිකයින්ගේ නිවාස ගැටළුව වහාම විසදිය යුතුව ඇතැයිද ප්‍රකාශ කලා.
කෙසේ නමුත් මේවන විට ලංකාව ලොව වැඩිම වන විනාශය ඇති රටවල් අතුරින් 4වන ස්ථානයේ පසුවනවා. මෙම වේගයෙන්ම වන විනාශය ඉදිරියට යන්නෙ නම් ලංකාව ඉතා ඉක්මනින්ම පළවෙනි තැනට පත්වනු ඇති.
වන විනාශයේ ප්‍රථිපල දැනටමත් ලාංකිකයින් භුක්තිවිදින අතර උෂ්ණත්වය දරාගත නොහැකි ලෙස ඉහළ යම්න් පවති. වැසි රටාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙමින් පවතින නිසා කන්න ක්‍රමයට වගාකල ගොවින් මහත් දුෂ්කරතාවකට පත්ව සිටිති. එමෙන්ම වයඹ ඇතුළු දිස්ත්‍රික්ක හතරක් කාන්තාර බවට පත්වෙන බව විශ්ව විද්‍යාලද ඇතුළුව බොහෝ පරික්ෂකයින්ගේ පරික්ෂණවලින් සොයාගෙන අවසන්. තෙත් කාලපයේ වුවද මේ වනවිටත් වියළි කලාපිය ශාක හා සතුන් සුලබවිමට පටන් ගෙන තිබේ. වන විනාශය වැඩිවත්ම මිට වඩා අයහපත් ප්‍රථිපලවලට අපට මුහුණදිමට සිදුවනබව අමුතුවෙන් කිවයුතු නැත.
No comments:
Post a Comment
නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.
Note: Only a member of this blog may post a comment.